3වන පරිච්ඡේදය

1 අප දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස හඳුන්වන ලබන පිණිස, පියාණන් අපට දී ඇති ප්‍රේමය මොන වගේ ද කියා බලන්න, අප එවැන්නන් ය . මේ හේතුව නිසා ලෝකය අපව හඳුනන්නේ නැත, මන්ද එය උන්වහන්සේව නොදැන සිටි බැවිනි. 2 ප්‍රේමවන්තයෙනි, අපි දැන් දෙවියන්වහන්සේගේ දරුවන්ය. අප කෙබඳු අය වේ දැයි තවම හෙළි වී නැත. ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ වන විට අපි උන්වහන්සේ හා සමාන වන බව අපි දනිමු. මක්නිසාද උන්වහන්සේ සිටිනා සේම අප උන්වහන්සේව දකින්නෙමු. 3 උන්වහන්සේ කෙරෙහි මේ බලාපොරොත්තුව ඇති සෑම කෙනෙක්ම උන්වහන්සේ පවිත්‍රව සිටිනා සේම තමන්වම පවිත්‍ර කරගන්නවා ඇත. 4 පව් කරන සෑම කෙනෙක්ම පනත කඩකිරීමේ ක්‍රියාවන් කරති. මක්නිසාද පාපය පනත කඩකිරීම ය. 5 ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ පාප ඉවත් කිරීම සඳහා බව ඔබ දන්නහු ය. උන්වහන්සේ තුළ පාපය නැත. 6 උන්වහන්සේ තුළ රැඳී සිටින කිසිවෙක් පව් නොකරනු ඇත. දිගටම පව් කරන කිසිවෙක් උන්වහන්සේව දැක ඇත්තේ වත් හෝ හඳුනන්නේ වත් නැත. 7 දරුවෙනි, ඔබව නොමඟ යැවීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ක්‍රිස්තුස්වහන්සේ ධර්මිෂ්ඨව සිටිනා සේම, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තා ධර්මිෂ්ඨය. 8 පාපය කරන තැනැත්තා යක්ෂයාගෙන්ය; මන්ද යක්ෂයා ආරම්භයේ සිටම පව් කෙළේ ය. මේ හේතුව නිසා යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිස දෙවියන්වහන්සේගේ පුත්‍රයා එළිදරව් විය. 9 දෙවියන්වහන්සේගෙන් උපත ලැබූ යමෙක් පව් නොකරන්නේය, මන්ද දෙවියන්වහන්සේගේ බීජය ඔහු තුළ පවතින නිසාය . ඔහු දෙවියන්වහන්සේගෙන් උපත ලැබූ නිසා ඔහුට පෙර සේම පව් කළ නොහැක. 10 මෙයින් දෙවියන්වහන්සේගේ දරුවන් සහ යක්ෂයාගේ දරුවන් එළිදරව් වේ: ධර්මිෂ්ඨකම් නොකරන තැනැත්තා දෙවියන්වහන්සේගෙන් නොවන්නේ ය, තම සහෝදරයාට ප්‍රේම නොකරන තැනැත්තා ද එලෙසය. 11 මක්නිසාද අපි මුල සිටම අසා ඇති පණිවිඩය මෙයයි, එනම් අපි එකිනෙකාට ප්‍රේම කළ යුතු බවයි. 12 තම සහෝදරයාව ඝාතනය කළ, නපුරාගෙන් යූ කායින් මෙන් නොවිය යුතුයි. ඔහු ඔහුව මරා දැමුවේ ඇයි? මන්ද, ඔහුගේ ක්‍රියා නපුරු වූ අතර සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබීමයි. 13 මාගේ සහෝදරවරුනි, ලෝකය ඔබට වෛර කරන්නේ නම් පුදුම නොවන්න. 14 අපි සහෝදරයන්ට ප්‍රේම කරන නිසා අපි මරණයෙන් ජීවනයට ගිය බව අපි දනිමු. ප්‍රේම නොකරන ඕනෑම කෙනෙක් මරණයේ රැඳී සිටියි. 15 තම සහෝදරයාට වෛර කරන ඕනෑම කෙනෙක් මිනීමරුවෙකි. කිසිම මිනීමරුවෙකු තුළ සදාකාල ජීවනය නොමැති බව ඔබ දන්නවා. 16 මෙයින් අපි ප්‍රේමය දනිමු. මන්ද ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා සිය ජීවිතය පූජා කළ බැවින් ය. අප ද සහෝදරයන් වෙනුවෙන් අපේ ජීවිත පූජා කළ යුතුයි. 17 එහෙත්, ලෝකයේ ධනය (වස්තුව, සම්පත්) තිබෙන යමෙක්, තම සහෝදරයා අවශ්‍යතා ඇතුව සිටින බව දැක, ඔහුගෙන් තම අනුකම්පාවේ හදවත වසා දමන්නේ නම්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද? 18 මාගේ දරුවෙනි, අපි වචනයෙන් හෝ දිවෙන් (භාෂාව) නොව, ක්‍රියාවෙන් හා සත්‍යයෙන් ප්‍රේම කරමු. 19 මෙයින් අප සත්‍යයෙන් පැවත එන බව අපි දැනගන්නා අතර උන්වහන්සේ ඉදිරියෙහි අපගේ හදවත් සහතික (ඒත්තු, ඔප්පු,පොළඹවා හෝ නම්මවා ගැනීම) කරගන්නෙමු. 20 මක්නිසාද අපගේ හදවත් අපට දොස් තබනවා නම්, දෙවියන්වහන්සේ අපගේ හදවත් වලට වඩා උසස්ය, උන්වහන්සේ සියල්ල දන්නේය. 21 ප්‍රේමවන්තයෙනි, අපගේ හදවත් අපට දොස් නොතබනවා නම්, අපට දෙවියන්වහන්සේ කෙරෙහි නිසැකකම ( ධෛර්යය,නිර්භීතකම, විශ්වාසයක්) ඇත. 22 අප ඉල්ලන ඕනෑම දෙයක් උන්වහන්සේගෙන් අපට ලැබෙනු ඇත. මන්ද, අපි උන්වහන්සේගේ ආඥාවන් පවත්වන අතර උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න වූ දේවල් කරන නිසා ය. 23 උන්වහන්සේගේ ආඥාව නම් මෙයයි, එනම් උන්වහන්සේ අපට මේ ආඥාව දුන් සේම, උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ නාමය විශ්වාස කොට එකිනෙකාට ප්‍රේම කිරීම ය. 24 දෙවියන් වහන්සේගේ ආඥාවන් පිළිපදින තැනැත්තා උන්වහන්සේ තුළ පවතින අතර දෙවියන්වහන්සේ ඔහු තුළ පවතින්නේය. උන්වහන්සේ අපට දුන් ආත්මයාණන් කරණකොටගෙන උන්වහන්සේ අප තුළ සිටින බව අපි දනිමු.